වජ්‍ර චුම්බට
වියලි කලාපයේ තැනිතලා බිම්වල ඉදිකල මහා ස්තූප කිසිවකට ඉතිහාසයේ කිසිදු අවස්ථාවකදී අකුණු සැර වැදී ඇතැයි ඔබ අසා තිබේද ?
ඊසානදිග මෝසමෙන් අධික වැසි ලැබෙන උතුරු මැද වියලි කලාපයේ ඇති මෙම මහා ස්තූපවලට එසේ අකුණු නොවැදුනේ ඒවාට සම්බන්ධ කොට ඇති අකුණු සන්නායක නිසා බව ඔබ දැන සිටියේද?
එකල නිර්මාණය කොට තිබු විශාලතම දාගැබ වූ රුවන්වැලි සෑයට සංඝතිස්ස රජතුමා විසින් වජ්‍ර චුම්බට නම් උපකරණයක් සවි කොට ඇත. වජ්‍ර යනුවෙන් අදහස් වන්නේ දියමන්ති හෝ අකුණු සැරයයි. චුම්බට යනු ඇදගැනීමක් අදහස්වන වචනයකි. එසේනම් එයින් අදහස් කොට ඇත්තේ අකුණු ඇදගැනීමේ උපකරණයක් පිළිබඳවය. පැරණි ඉංජිනේරුවන් ස්තූප නිර්මාණයේදී එහි උසම ස්ථානයේ සවිකල චූඩා මාණික්‍ය තුලින් අකුණු සැරය භූගත කිරීමේ ක්‍රමයක් අනුගමනය කොට ඇත.
මෙය ප්‍රථමයෙන්ම සංඝතිස්ස රජුගේ කාලයේදී රුවන්වැලි සෑයට නිර්මාණය කොට ඇති අතර ධාතුසේන රජු විසින් රුවන්වැලි සෑයේ වජ්‍ර චුම්බටය ප්‍රතිසංස්කරණ කොට ජේතවනාරාමයට හා අභයගිරිය යන ස්තූපවලටද මෙවැන්නක් සවිකල බව වංස කතාවේ දැක්වේ.
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් අකුණු සන්නායකයක් නිපදවනු ලැබුවේ ක්‍රි.ව. 1753 දීය. එසෙනම් දැනට අවු.1800 කට පමණ පෙර අප විසින් ඉදිකල අකුණු සන්නායකය ලොව පැරැණිම අකුණු සන්නායකය නොවන්නේද?
- අභිමානවත් ඉතිහාසය -
- මයුර රන්දුනු බණ්ඩාර -
No comments:
Post a Comment